ඇබ්බැහිවීම කියන්නේ මොකද්ද ?
බොහෝ කාලයක් තිස්සේ මානසික වෛද්‍යවරු සහ විද්‍යා වේදීන් සිතා සිටියේ ඇබ්බැහිවීම තුල ඇත්තේ ශාරීරික දෙයක් පමනක් බවයි. උදාහරණයක් ලෙස ගත්තොත් ඔවුන් සිතුවේ කුඩු (හෙරෝයින්) ගැසීමට ඇබ්බැහිවීම සිදු වන්නේ කුඩු භාවිතය නිසා ශරීරය පුරුදු වී ඔවුන් කුඩු (හෙරෝයින්) නැවත නැවත භාවිතා කිරීමට පෙලබෙන බවයි. මෙම තියරිය වැරැදි බව මෑත කාලයේ සාක්ෂි හමුවිය. මින් හොදම උදාහරණය වන්නේ වියට්නාම් යුද්ධයට ගිය ඇමෙරිකානු සෙබළුන්ගේ කතාවයි.
වියට්නාමයේ සිටි ඇමරිකානු සෙබළුන්ගෙන් විශාල පිරිසක් (20%) හෙරොයින් වලට ඇබ්බහි වෙලා සිටියා. යුද්ධය ඉවර උනාට පස්සේ රට කුඩු කාරයන්ගෙන් පිරෙයි කියා මිනිස්සු සිතුවා. නමුත් යුද්ධය ඉවර උනාට පස්සේ පුදුම නම්, අර ඇබ්බැහි වෙච්ච අයගෙන් 95% අඩුම ගානේ පුනරුප්තාපනය උනේ නෑ. එයාලා ආපු ගමන් කුඩු ඇත හැරියා.
මොකද උනේ ?
තමන් ගේ පවුලෙන් ගමෙන් ඈත් වෙලා වෙන රටක මරණ දැක දැක සිටින සෙබළුන්ට, තමන්ගේ අය ගාවට ආවම කුඩු ඕනේ නැති වුනා. ඔබත් ඔබේ ආදරණීයන් ලග ඉන්න. එහෙම උනා ම පෝර්න් වල ඇබ්බැහි වීන්මෙන් වලකින්න ලේසියි.
තවද මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම සහ පෝර්න් ඇබ්බැහිවීම ඔබ හිතන තරම් වෙනසක් නැත. ඇත්තටම වෙනසක් නෑ කිව්වොත් නිවැරදියි. ඒ ඇයි කියල මන් ඔයාලට මීලග ලිපියෙන් කියල දෙන්නම්
Source: Johann Hari's New York Times best-selling book 'Chasing The Scream: The First and Last Days of the War on Drugs.'
_001.jpg)
No comments:
Post a Comment