Friday, December 21, 2018

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සහ පෝර්න් වලට ඇබ්බැහි වීම Drug addiction vs. Porn addiction

Drug addiction vs. Porn addiction

මන් ඔබට කලින් ලිපිවල කිව්වා වගේ ම මන් අද කියන්න යන්නේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සහ පෝර්න් වලට ඇබ්බැහිවීම අතර වෙනසක් නැත්තේ ඇයි කියා කියලා දීමටයි.

Thursday, December 20, 2018

ඇබ්බැහිවීම

මේ බ්ලොග් එක පෝර්න් නිසා ඔබ ට ආගමිකව වෙන පරිහානිය ගැන කතා කිරීමෙන් වැලකී  ඇත. එයට හේතුව පෝර්න් බැලීම පවක් නොවන බව බොහෝ දෙනා වාද කරන නිසාය. මෙම බ්ලොග් එකේ එක අරමුණ ඔබට මෙම ඇබ්බැහිවීම නිසා ඇතිවන හානිකර මානසික තත්වය ගැන ඔබට කියා දීමයි.

ඇබ්බැහිවීම කියන්නේ මොකද්ද ?

බොහෝ කාලයක් තිස්සේ මානසික වෛද්‍යවරු සහ විද්‍යා වේදීන් සිතා සිටියේ ඇබ්බැහිවීම තුල ඇත්තේ ශාරීරික දෙයක් පමනක් බවයි. උදාහරණයක් ලෙස ගත්තොත් ඔවුන් සිතුවේ කුඩු (හෙරෝයින්) ගැසීමට ඇබ්බැහිවීම සිදු වන්නේ කුඩු භාවිතය නිසා ශරීරය පුරුදු වී ඔවුන් කුඩු (හෙරෝයින්)  නැවත නැවත භාවිතා කිරීමට පෙලබෙන බවයි. මෙම තියරිය වැරැදි බව මෑත කාලයේ සාක්ෂි හමුවිය. මින් හොදම උදාහරණය වන්නේ වියට්නාම් යුද්ධයට ගිය ඇමෙරිකානු සෙබළුන්ගේ කතාවයි.

වියට්නාමයේ සිටි ඇමරිකානු සෙබළුන්ගෙන් විශාල පිරිසක් (20%) හෙරොයින් වලට ඇබ්බහි වෙලා සිටියා. යුද්ධය ඉවර උනාට පස්සේ රට කුඩු කාරයන්ගෙන් පිරෙයි කියා මිනිස්සු සිතුවා. නමුත් යුද්ධය ඉවර උනාට පස්සේ පුදුම නම්, අර ඇබ්බැහි වෙච්ච අයගෙන් 95% අඩුම ගානේ පුනරුප්තාපනය උනේ නෑ. එයාලා ආපු ගමන් කුඩු ඇත හැරියා.


මොකද උනේ ?

තමන් ගේ පවුලෙන් ගමෙන් ඈත්  වෙලා වෙන රටක මරණ දැක දැක සිටින සෙබළුන්ට, තමන්ගේ අය ගාවට ආවම කුඩු ඕනේ නැති වුනා. ඔබත් ඔබේ ආදරණීයන් ලග ඉන්න. එහෙම උනා ම පෝර්න් වල ඇබ්බැහි වීන්මෙන් වලකින්න ලේසියි.

තවද මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම සහ පෝර්න් ඇබ්බැහිවීම ඔබ හිතන තරම් වෙනසක් නැත. ඇත්තටම වෙනසක් නෑ  කිව්වොත් නිවැරදියි. ඒ ඇයි කියල මන් ඔයාලට මීලග ලිපියෙන් කියල දෙන්නම්

Source: Johann Hari's New York Times best-selling book 'Chasing The Scream: The First and Last Days of the War on Drugs.'

Wednesday, December 19, 2018

ඔබ සහ පෝර්න් (PORN)

 PORN යන වචනයට නියම සිංහල වචනයක් නැත

සත්‍ය නම් PORN යන වචනයට නියම සිංහල වචනයක් නැත. සමහරු මෙයට අසැබි චිත්‍රපට කියයි නමුත් මම එම වචනය භාවිතය ගැන එච්චර පැහැදීමක් නැත. මොකද එම වචනය නුතන PORN කර්මාන්තය කරන විනාශ කාරී ක්‍රියාව අවතක්සේරු කරන නිසාය. එම නිසා මන් මින් ඉදිරියට PORN වලට පෝර්න් යැයි ම කියා කියමි.

පෝර්න් භාවිතය සාමාන්‍ය දෙයක් ?

පෝර්න් භාවිතය සාමාන්‍ය දෙයක් බවත් හැමෝම එය නරබන බවත් සමහරු කියනවා අසා ඇති. නමුත් සැමවිටම මතක තබාගන්න ඔබ වෙනම මිනිසෙක් බව. විශේෂයෙන් ඔබගේ මොලය ඔබට ආවේනිකය. මන් කියන්නේ  ජාන නිසා සහ කුඩා කල සිට ඔබ ලැබූ අත්දැකීම් ඔස්සේ ඔබගේ මොලය යම් සැකැස්මට පැමිණ ඇත. තව ද ඔබගේ මොලය අනික් යට වඩා  වෙනස් වීම මානවයන් ට තිබෙන ලොකු උදව්වකි. (වෙනස් මොළ යනු වෙනස් දක්ෂතා බැවිනි, ඔබ දැක තියෙනව ද කොටි සැමට දඩයම් කල හැකි බව. නමුත් මිනිස්සු දෙන්නෙක් ගත්තොත් එකෙක්ට වගා කරන්න පුළුවන් වෙලා අනිකට දඩයම් කරන්න පුළුවන්)
තවද මොලය ඔබගේ සිතුවිලි වලට ලොකු බලපෑමක් කරයි. මම මෙහි ජීව විද්‍යා සාක්ෂි ගැන වැඩිදුර කීමෙන් වැලකෙමි.

"නමුත් මට කියන්න ඕනේ වෙලා තිබ්බේ: ඔබගේ මොලය ඔබ කව්රු කියා තීරණය ගන්න අතර (බොහෝ දුරට)  ඔබ ඔබගේ මොලය මොන ආකාරද කියා තීරණය කරයි . එම නිසා මොලයේ පාලනය ඔබ අතේය."

එම නිසා පෝර්න් භාවිතය ද ඔබට අනෙක් යට වඩා වෙනස් ව බලපෑ හැක. උදාහණයක් ලෙස කෙනෙකුට විස්කි වීදුරුවකින් වදිනවානම් ඔබට වීදුරු භාගයෙන් වෙරි විය හැක. එම නිසා ඔබේ පෝර්න් භාවිතය අන් අයගේ ක්‍රියා මගින් සාධාරණීය කරගැ නීම ට පෙර පරිස්සම් වන්න.

Is Sri Lanka safe from porn ?

Porn addiction is becoming a big problem in the whole world and Sri Lanka is not an exception. How and why brain get addicted to porn and why this addiction is as bad as drug addiction?
For English readers, I suggest you visit yourbrainonporn.com

However, I understand that there are many of the Sri Lankans prefer and can easily understand the information on this matter in local languages. I am in the process of translating English articles about porn articles for you. And this blog might be migrated to a WordPress site in the future.

However, I just want to let you know guys out there you are not alone.

Thanks for your time

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සහ පෝර්න් වලට ඇබ්බැහි වීම Drug addiction vs. Porn addiction

Drug addiction vs. Porn addiction මන් ඔබට කලින් ලිපිවල කිව්වා වගේ ම මන් අද කියන්න යන්නේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සහ පෝර්න් වලට ඇබ්බැහි...